නුවර සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් මෙලෙස අනතුරට පත්වී තිබේ.
මෙලෙස දුම්රියේ පැටලී මෝටර් රථය මීටර් 200ක් පමණ දුරට ඇදගෙන ගොස් තිබූ අතර මෙහි සිරවී සිටි පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සදහන් කරයි.













































