ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ රට තුල මේ වනවිට ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් පුද්ගලයකු පමණක් හඳුනාගෙන ඇති බවයි.
මෙම රෝගය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍යවල පලවන ඇතැම් වාර්තාවන්වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.
වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ ආහාර හරහා මෙම රෝගය වැළදීමේ හැකියාව වැඩි වශයෙන් පවතින බවත් එහිදී රෝග ලක්ෂණ ලෙස පාචන, බඩේ අමාරුව, උණ තත්වයන් හා ඇතැමුන් හට සිහිමූර්ජා තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
පිරිසිදුව සිටීම මගින් හා සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම ලිස්ටීරියා රෝගයෙන් වැළකී සිටීමට හැකි බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.














































