ළඟම ඉන්න දෙතුන්දෙනෙකුත් සමහර විට මිය යාවිලු
පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ලක් වූ ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ බලය වෙනුවෙන් මිනී මැරීමට ඇතැම් පිරිස් කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් වී ඇති බවයි.
ඇතැම් විට මෙම කුමන්ත්‍රණ සිද්ධිය පිටුපස තවත් කුමන්ත්‍රණයක් විය හැකි බවත් එහිදී ජාතික ජන බලවේගයට ජනපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එල්ල විය හැකි බවත් ඔහු මෙහිදී පවසා තිබෙනවා.
කුමන්ත්‍රණකරුවන් විසින් එලෙස කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කොට එහි නායකයින් අත්අඩංගුවට ගැනීම විය හැකි බවද කොඩිතුවක්කු මහතා මෙහිදී සඳහන් කර තිබීම විශේෂත්වයක්.
මේ අතර ගුවන් හමුදාවේ රහස් ලියවිල්ලක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම වැඩසටහනේ දී අදහස් ඉදිරිපත් කර තිබෙනවා.














































