සිය ගැටලුවලට විසදුමක් ලබා නොදීම හේතුවෙන් ආරම්භ කල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වේ.
මේ අතර ජනතාවාදී බුද්ධි මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ,ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙන්ඩිස් මහතා පවසා සිටින්නේ නව බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා තුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බවයි.
















































