ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.
තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඇලකට පෙරලී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්වූ තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී බරපතල තුවාල ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවා මියගොස් තිබේ.
එම සිසුවා විසින් යතුරුපැදිය ධාවනය කර ඇති බවට හදුනාගෙන ඇති අතර ගල්ගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
















































