විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු ඔවුන් සන්තකයේ තිබූ කඩු තුනක් සහ යතුරු පැදි දෙකක් සමග මානිප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.මෙම සැකකරුවන් අතර කම්මල්කරුවෙකු සහ ඔහුගේ සහයකයාද සිටින බව සදහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් ඔවුන් අද (20) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් කරයි.














































