ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (20) දින සිදුකරන ලද වැටලීමකදී අයිස් ග්‍රෑම් 600ක් සමග ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු කැලුම් මංගල සිල්වා නොහොත් මංගල නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහු රත්මලාන ධර්මාරාම මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජූඩ් ප්‍රියන්ත නමැත්තාගේ සමීපතයකු බව මොහු හදුනාගෙන තිබේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














































