English
සිංහල
04:47 සිකුරාදා, අප්‍රේල් 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    උදම් අනා වැඩක් නැහැ-අපිට කොහොමත් මේ ණය ලැබෙනවා-කිරිඇල්ල.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ආණ්ඩුව විසින් රට බංකොලොත් කොට දැන් ණයක් ගැනීම ගැන උදම් අනා වැඩක් නැතැයිද
    ආණ්ඩුව විසින් රටෙි සංචිත බිංදුවට බැස්සවූ අතර ඒ අර්බුදයෙන් ගොඩ එන්න ණයක් ලැබුණ බවත් මේ මුදල දෙන්න පැනවූ කොන්දේසි මොනවා ද කියා නොදන්නා බවත් . විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  අද(21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කොට රටේ අධිකරණය ,ස්වාධීන මැතිවරණ කොමිසම සහ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ක්‍රියාදාමයක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

    විසි එක් වන සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ වලින් අධිකරණයට සහ උසස් නිල තල වලට ස්වාධීනත්වයක් ලැබුණ බවද දැන් ඒ ස්වාධීනත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර නැති කරන්න හදන බවද කිරිඇල්ල මහතා කීය.
    පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය,මැතිවරණ කොමිෂන් සභාව,මාධ්‍යවේදීන්,මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා.21වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදුන් ස්වාධීනත්වය නැති කරන්න උත්සාහ කරනවා.

    වැඩිදුරටත්  අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි සාමාජිකයෝ.අනිවාර්යෙන්ම මේ ණය මුදල අපිට ලැබෙනවා.නමුත් මේ මුදල ලබා දෙන්න අත්සන් කරපු කොන්දේසි මොනවද කියලා අපි දන්නේ නෑ.මා විශ්වාස කරනවා ඉදිරියේදී ඒ කොන්දේසි මොනවද කියලා කියයි කියලා.

    ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය,ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව,මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ මත අධිකරණයට,රජයේ උසස් නිලතල වලට යම්කිසි ස්වාධීනත්වයක් ලබාදුන්නා.නමුත් අද පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා 21වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දුන්න ස්වාධීනත්වය නැති කරන්න හදනවා.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලබාදුන්න නඩු තීන්දුවක් මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා.පලවෙනි වතාවටයි මම ඇහුවේ .ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් කොහොමද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙන්නේ.මැතිවරණ කොමිසමත් වරප්‍රසාද කමිටුවට ගේනවා.දැන් මාධ්‍යවේදීන්ටත් වරප්‍රසාද ප්‍රශ්න මතු කරල තියනවා.විශේෂයෙන්ම සියත ටෙලි වැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා.මේවා වැරදි වැඩ.පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මේ ආයතන මර්දනය කිරීමට උත්සාහ කිරීම අපිට පිළිගන්න බෑ.මේ ටෙලි වැකිය කතාව මම සම්පූර්ණයෙන් කියෙව්වා.මගේ නමත්,හිටපු ජනාධිපති තුමාගේ නමත් තියනවා,මගේ නම තියෙන්නේ බලය බෙදීමට කැමතියි කිවුවා කියලා.හිටපු ජනාධිපති තුමාගේන් මම ඇහුවා අනේ බෙදීමට ඔබතුමා කැමතිද කියලා,එතුමත් ඔව් කිව්වා.ඒක ඇත්ත වශයෙන්ම විවේචනයක්.විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යයට තියනවා.මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙනවා.මීට කාලයකට පෙර මෙහෙම සිදුවීමක් සිදු වුණාම කරන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා නිදහස් කරනවා.නමුත් මේ අවස්ථාවේ දී කමිටුව මගින් වරප්‍රසාද කඩ වුණා කියලා තීරණයක් අරගෙන නීතිපතිට යොමු කරන්න හදනවා.නීතිපතිට යවන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නයි.ඇත්ත වශයෙන්ම නීතිපතිවරයා එතුමාගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා.කමිටුවට මේක තේරුම් ගන්න බැරි උනාට අපිට කරන්න දෙයක් නෑ.නඩේසන් කියලා ඒ කාලේ ඉහළ පෙළේ රාජ්‍ය නීතිඥවරයෙක් හිටියා.ඔහුව පාර්ලිමේන්තුව විවේචනය කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියා.ඔහුම ඔහුගේ නඩුව කතා කළා.ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව නිදහස් කළා.ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විවේචනය සහ මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් කිව්වා.ඒ අයිතිය මාධ්‍යයට,ඕනම පුද්ගලයෙකුට තියෙනවා කියලා කිව්වා.නීතිපතිවරයා මේක කියලා තියෙනවා නමුත් කමිටුව මේක පිළිගත්තෙ නෑ මොකද කමිටුවේ පෞද්ගලික අරමුණ පළිගැනීමයි.ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යවලා ඒ මාධ්‍ය ආයතන විනාශ කරන්න,පීඩනයට පත් කරන්නයි උත්සාහ කරන්නේ.මේ වාර්තාවට සමගි ජනබලවේගයේ අපි අත්සන් කළේ නෑ.

    ගරු සභානායකතුමා මේ පැමිණිල්ල කවුද කළේ?පැමිණිල්ලක් නැතුව මේ වගේ දෙයක් කරන්න බෑනේ නියෝජ්‍ය කථානායකතුමනි.මම මේක කියෙව්වා පැමිණිලි කරුවෙක් නෑ.පොදුවේ තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අපහාස කරා කියලා.ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ වරප්‍රසාද කඩ වුණාද නැද්ද කියලා.පස්සේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නේ දඩුවම් කරන්න.මේ ලිපිය දිහා බැලුවම මේක හාස්‍ය සඳහා ලියපු ලිපියක්.කිසිම අපහාසයක් සිද්ධ වෙලා නෑ.ඇත්ත වශයෙන්ම මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මාධ්‍ය ආයතන නිහඬ කරන්න ගන්න උත්සාහයක්.

    ඇත්ත වශයෙන්ම මේ කරන්නේ පලිගැනීමක්.විවේචන දරා ගන්න බැරි නම් අපි දේශපාලනය නොකළ යුතුයි.දේශපාලනය කරද්දී විවේචන එනවා.ඒවා විඳ දරා ගන්න අපි දැන ගන්න ඕන.මම රජයට පැහැදිලිවම කියනවා මාධ්‍ය ආයතනවලින් පලි ගන්න හදන්න එපා.ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරිමේ උත්සහය අත් හැරලා ඒ මාධ්‍යවේදියාගෙන් යම් කිසි වැරද්දක් උනානම් ඔහුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා මේ ප්‍රශ්නය අවසන් කරන්න.පාර්ලිමේන්තුව හැමදාම කළේ මෙහෙමයි.නඩේසන් නඩුවේ පැහැදිලිවම කියලා තියෙනවා විවේචනය කරන්න පුළුවන්,මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.

    21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රශංසා කරලා තිබ්බා.නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය,මැතිවරණ කොමිෂන් සභාව,මාධ්‍යවේදීන් නිහඩ කරන්න ගන්නා උත්සාහය,ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා කරනවාට කිසිම සැකයක් නෑ.මම ආණ්ඩුවට අනතුරු අඟවනවා.ජීඑස්පී සහනය ලැබෙන්නේ ලබන මාසේ.ජීඑස්පී සහනය ලැබෙනවා ද නැද්ද කියන එක ලබන මාසේ තමයි තීරණය වෙන්නේ.සාමකාමී විරෝධතා සඳහා පහර දෙනවා දැනටමත් දෙදෙනෙක් මැරුණා,මැතිවරණ කල් දාලා තියනවා .ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා.මැතිවරණ කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ඒ ප්‍රඥප්තියේ තියෙනවා.මම ඉල්ලීමක් කරනවා අපි මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ අවසන් කරමු.ඇයි අධිකරණයට යවන්නෙ.මේ මාධ්‍ය ආයතනයෙන් යම් කිසි වැරද්දක් උනානන් අවවාද කරලා මේක අවසන් කරන්න කියලා.

    සරත් සමරනායක

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version