වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවට වාර්තා වේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (22) කැදවා තිබූ අවස්ථාවේදී ඒ බව අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ,පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක්,කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකර තිබෙන අතර ඒවා අද කැදවූ අවස්ථාවේදී රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා මේ බව ශේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
















































