ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති අතර මෙයට සමගාමිව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කර ඇති බවට වාර්තා වේ.
අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බවට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සදහන් කර තිබේ.
ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටු නොවන අතර අයකැමි අංශද වසා දැමීමට සැලසුම් කර තිබේ.













































