English
සිංහල
23:37 ඉරිදා, ජූනි 7, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “මම කිසිසේත්ම මාධ්‍ය මර්දනය කරන්නෙ නෑ” – ජනපති කියයි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

    -මාධ්‍ය ප්‍රධානින්ගේ හමුවේ දී ජනපති පවසයි

    දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය.

    අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම අවස්ථාවට එක්වන ලෙස මම ඔබගෙන් ඉලීමක් කළා.

    අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි.

    ඒ අපගේ සියලුම ණය හිමියන් එනම් බහුපාර්ශ්වික ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමයි. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කරයි. නමුත් අපි ආපසු හැරී නොබලා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි. එබැවින් මෙය අවසානය නොවෙයි. එක් අතකින් ආරම්භය පමණයි. අපි ඊළඟට ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කළයුතුයි.

    ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරම, අපට වසර හතරක වැඩසටහනක් ද තිබෙනවා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ මේ ගිවිසුම සඳහා මට අනුමැතිය ලබා දෙන්න කියලා. එය නීතියෙන් කිරීමට මට අවශ්‍ය නැහැ. නමුත් මෙම ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අපිව තවත් ශක්තිමත් කරනවා. ජනතාව ඒ සඳහා දැනටමත් ඡන්දය ලබා දී තිබෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගිවිසුමේ ඇතුළත් මූලධර්මය රට පිළිගෙන ඇති බව ණය හිමියන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා.

    එබැවින් පළමුව, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වන නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් සීමා නොවී එය අපගේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවට පත්කරගත යුතුයි.

    පළමුව, අපට මූල්‍ය ස්ථාවරත්වයක් තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආදායම වැඩිකරගත යුතුයි. මෙය ඉතා දුෂ්කර යුගයක් වන අතර අපි රජයේ වියදම් ස්ථාවර කරගත යුතුයි. මන්ද එය රජයේ වියදම්වල ස්වභාවය සහ අපට ඇති ආදායම විස්තර කරන නිසයි

    අපේ ඉලක්කය වන්නේ රජයේ අයවැය වඩාත් හොඳින් පාලනය කිරීමයි. නමුත් මෙය අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කිරීම හා ආදායම් වැඩි කිරීමක් තහවුරු කරනවා. අප විසින් සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අපට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන බව අප මතක තබා ගත යුතුයි.

    අපි විවිධ ආයෝජන ක්ෂේත්‍ර, නිෂ්පාදන සඳහා අමතර විදේශ ආයෝජන පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. එයින් අදහස් වන්නේ අප ඉදිරියටම යා යුතු බවයි.

    දෙවනුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සිදු කළයුතුයි. තෙවනුව ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය නිසැකවම වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතුයි. ඒ තුළින් අපිට නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට හැකි වෙනවා.

    මගේ අරමුණ තවත් වසර 25කින් ඒ කියන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි. එකතැන පල් වූ ආර්ථිකයක් සමඟ අපට ඉදිරියට යා නොහැකියි. අපේ රටේ සිදු වූ සියලු ගැටලු මේ ප්‍රශ්නයට සම්බන්ධ බව අප සිහිතබා ගත යුතුයි.
    1971 දී විරැකියාව සම්බන්ධව මතු වූ ගැටලුව මෙන්ම, 1983 භාෂාව පමණක් නොව, දෙමළ තරුණයින්ට රැකියාවක් නොතිබීම නිසා

    ගැටලු මතු වුණා. 1989 දී ද සිදු වුයේ එයයි. අපට ඕනෑවට වඩා ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධනයක් නොමැතිකම හා අස්ථාවරත්වය හමුවේ ලේ වැගිරීම් සිදු වුණා. දැන් අපිට අලුතින් පටන් ගැනීමට අවස්ථාව තිබෙනවා.

    එය ඓතිහාසික ක්‍රියාවලියක්. මම ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක නිලධාරින් සමග කතා කර දැනගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා.

    නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ මෙම ගිවිසුම සමග අප ඉදිරියට යනවාද, නැද්ද කියන කරුණ සමග බව අමතක නොකළ යුතුයි. අප එසේ නොකළහොත් අනාගත පරපුර අපට ශාප කරාවි. එබැවින් අපගේ ආර්ථිකය තුළ මෙම දීර්ඝකාලීන වෙනස්කම් සිදු කරමින් සියලුදෙනාගේ ජීවිත පහසු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

    අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න.

    එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින් රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.

    මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා. මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා.

    ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.

    අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න. මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.

    මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි.

    අප මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෑම පක්ෂයකම සහාය ලබා ගන්නයි. කාටවත්ම මේකට විරුද්ධ වෙන්නත් බැහැ. අලුත් නීති කිහිපක් ගෙන ඒමටත් තිබෙනවා. නව පියවර ගණනාවක් අපි අරන් තිබෙනවා.

    මාධ්‍ය මර්දනය කරන්න අපට වුවමනා නැහැ. මාධ්‍යයෙන් වැඩියෙන්ම බැනුම් අහන්නෙත් මම. මාධ්‍යය නැති වුණෙත් මටයි. මාධ්‍ය සඳහා පනවා තිබූ අපරාධ නීතිය ඉවත් කළෙත් මමයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දුන්නෙත් මමයි. ස්වාධීන කොමිෂන් සභා තුන් වතාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඉතිං කොහොමද මම මාධ්‍ය මර්දනය කරන්නෙ.

    ජාතික ප්‍රශ්නය විසඳන්න කියනවා. නමුත් මම ඒ කටයුතු සිදු කරද්දි සුමන්තිරන් මන්ත්‍රීතුමා සමඟ එකතු වෙලා අනික් ප්‍රශ්න නැති කරන්න හදනවා කියලා චෝදනා කරනවා. එසේ චෝදනා කිරීම සුදුසු නැහැ කියා මාධ්‍යවල කවුරුත් කිව්වෙ නැහැ. ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව මම කලින් කියලා තිබෙනවා. ඒකට කිසිම මාධ්‍යයක් විරුද්ධ වුණේ නැහැ. ඒ සඳහා සියලුම දෙනා පාර්ලිමේන්තුවේදී එකඟ වුණා. ඒක මුවාවෙන් ජාතිවාදය ඇති කරන්න එපා. එක් මාධ්‍ය ආයතනයක් ජාතිවාදී වැඩපිළිවෙළක් ගෙන යනවා. එකම දේ දවස් හතරක් විකාශය කළා. ඒ අතරතුර එක ද්‍රවිඩ වැසියෙකුට කවුරුන් හෝ පහර දුන්නා නම් මොකද වෙන්නේ.

    ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ පෙන්නුවට කමක් නෑ, නමුත් එහි තව පැත්තකුත් තිබෙනවා කියලා පෙන්විය යුතුයි. උද්ඝෝෂණ පෙන්වන්න එපා කියා හෝ මට හොඳ කියන ඒවා විතරක් දාන්න කියා මම කියන්නේ නැහැ.

    මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇත්ද කියාය.

    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

    ඇයි රජය ව්‍යාපාර වල ඉන්නෙ. ඒක රජයේ වැඩක් නොවෙයි. ඩී එස් සේනානායක මැතිතුමාගේ කාලයෙ ඔය වගේ වැඩ තිබුනේ නැහැ. ඒත් රටේ සල්ලි තිබුණා. එදා එංගලන්තයටත් ණය දීලා ගල්ඔය ව්‍යාපාරය හදන්නත් රටේ සල්ලි තිබුණා.

    දැන් අපි චීනයෙන් සල්ලි ඉල්ලා ගන්නවා මොරගහකන්ද හදන්න. රාජ්‍ය ආයතන ව්‍යාපාර කළ යුතුයි කියලා කුමන රටේද නීතියක් තිබෙන්නේ. අපි යන්නේ රටක් හැටියට සීග්‍රයෙන් දියුණු වෙන්න. අපි විතරයි රටක් හැටියට මේ රාජ්‍යය ව්‍යාපාර කරන්න ඕන කියලා කියන්නේ.

    රජය තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අද හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද? අපි අධ්‍යාපනයට වඩා ගිය අවුරුද්දෙ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවලා තියෙනවා. අධ්‍යාපනයට වඩා විදුලි බල මණ්ඩලයට ගෙවලා තියෙනවා. ඩී එස් සේනානායක අගමැතිවරයා කාලයෙ මේ එකක් වත් තිබුනේ නැහැ. පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කරනකොට එකේ බදු

    රජය ලබාගන්නවා.එංගලන්තෙ ටෙලිකොම් එක අයිති කාටද. පෞද්ගලික අංශයට. ප්‍රංශයේත් ඇමරිකාවේත් එහෙමයි. අපිත් එලෙස දියුණු විය යුතුයි. නැත්තම් උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනේ. ඒ දෙකෙන් මොකක්ද කැමති කියලා මට කියන්න.

    මෙහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා

    ජනාධිපතිතුමා අගමැතිවරයා වශයෙන් සිටියදී 2002 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ විනය සකස් කිරීම සඳහා 2003 අංක 3 දරණ මූල්‍ය විනය කළමනාකරණ පනත ඉදිරිපත් කළා. මෙම පනතේ ප්‍රධාන අරමුණු තුනක් තිබුණා. 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 5% දක්වා අඩු කිරීමටත් ඉන්පසුව බලයට පත්වන රජයන් මේ 5% මට්ටම ඉදිරියටත් පවත්වාගෙන යාමටත් මෙම පනත මගින් ප්‍රතිපාදන සැලසී තිබුණා.

    2013දී රාජ්‍ය නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65% දක්වා අඩු කර එතැන් සිට හැටපහේ සීමාවේ පවත්වාගෙන යාම, තුන්වන කරුණ රජය ණය වන විට ණය විය හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% පමණක් විය යුතුය යන්නයි. මේ කරුණු තුන ඇතුලත් කරලා එතුමා අගමැතිවරයා වශයෙන් එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළා. නමුත් අවාසනාවට 2004දී ජනතාව තීරණය කළා එම ආණ්ඩුව හොඳ නැහැ කියා, ඒ වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත්කරගත යුතුයි කියලා . එදා පත්‍ වූ ආර්ථික උපදේශකවරුන් පාර්ලිමේන්තුවට කියලා පනත නැවත සංශෝධනය කළා. එම නිසා එම ආර්ථික ඉලක්ක වලට යාමට අපට නොහැකි වුණා
    රජය ගන්න තීන්දු ජනප්‍රිය නොවෙන්න පුළුවන්. අසීරු තීන්දු නොගත්තොත් රටක් හෝ අනාගතයක් නැහැ කියලා ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. මේ සියලුම ගිවිසුම් කිසිවක් සඟවන්නේ නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ හැර වෙන විකල්පයක් තිබෙනවා නම් කවුරුන් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එයිනුත් රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා. එහෙම වුණොත් ප්‍රංශයේ ලසාඩ් සමාගමට ගෙවන්න තිබෙන මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ණයබරින් බේරෙන්න වෙන ක්‍රමයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එය අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හිතනවාට වඩා මෙය සංකීර්ණ ගැටලුවක්. මෙම ගැටලුව සාධාරණ ලෙස සමාජගත කරන්න උදව් කරන්න.

    මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

    ණය ප්‍රතිව්‍යුහගත නොකලානම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් අප මත තිබුණා. එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලයේ යෙදෙන්නේ. එහිදී අපට මේ තිබෙන ආකාරයට ගෙවීමට නොහැකි නිසා අපට ණය ලබා දුන් වාණිජ ආයතන සහ පුද්ගලික අංශ සහ ඒ ඒ රජයයන් ගෙන් අප ඉල්ලා සිටිනවා අපට මේ සඳහා සහනයක් ලබා දෙන ලෙස.

    එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා. ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.

    ඊළඟ පියවර වන්නේ ඒ සහතිකය අනුව සාකච්ඡා කර අපට වසරකට බිලියන 06 බැගින් ගෙවීමට තිබෙන ණය මේ කාලයේ ගෙවිය නොහැකියි නමුත් යම්කිසි සහනයක් ඇතිව දීර්ඝ කාලීනව ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමයි.

    මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

    උදාහරණයක් ලෙස දැනට අපට බිලියන 50ක් වසර දහයෙන් ගෙවීමට තිබෙනවා නම් අපි කියනවා ඊට අවුරුදු විස්සක, තිහක හෝ ඊට වැඩි කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

    වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අපට ගෙවීමට හැකියාවක් නෑ. ඒ අනුව එම ගණනට අඩු කර දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඉතුරිය දීර්ඝ කාලීනව ගෙවීම සඳහා තමයි දැන් සාකච්ඡා පවත්වන්නේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරු හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version