කඩල යැයි අගවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ ආනයනය තහනම් උදු , වියළි කහ , කහ කුඩු තොගයක් සොයා ගත් බව වාර්තා වේ.
කඩල කිලෝ 42,600ක් අදාළ බහාලුම් තුළ තිබෙන බවට ප්‍රකාශ කළ ද එහි තිබී ඇත්තේ කඩල කිලෝ 5,390 ක් පමණක් බවත් අනෙක් බහාලුම් පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ වියළි කහ , කහ කුඩු , උදු තිබී සොයා ගත් බව සදහන් කරයි.
එමෙන්ම මේවට අදාළව රජයට හිමි වී ඇති බදු මුදල රුපියල් අනූදෙලක්ෂ හතලිස්දහස් හයසියයක් බව වාර්තා වේ.මෙම ද්‍රව්‍ය වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.
නීතිවිරෝධී ලෙස මෙම ද්‍රව්‍ය ගෙන් වූ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.














































