හලාවත නගරයේ සිදු කළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමු වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කල බවට වාර්තා වේ.
විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල් ඉකුත් වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සදහන් නොකර මිනිස් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි සහ චොකලට් දිවයින පුරා අලෙවි කරන බවට අනාවරණය වීමත් සමග පරිභෝජනයට නුසුදුසු චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම වැටලීමේදී හලාවත නගරයේ වෙළෙදසැල් තුනකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවී තිබෙන අතර එම වෙළෙදසැල්වලට හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ.














































