කිරිපිටි මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබා දීම සදහා කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 90 ක් බව ඔහු සදහන් කරයි.














































