මහනුවර මුල්ගම්පොළ ප්‍රදේශයේ දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
එම සිසුවා ඊයේ(26) ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී බදුල්ල සිට මහනුවර දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශණ වලින් අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මාදබෝවල ,මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































