කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් මොලය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහගනා ආරියසිංහ දැරියගේ ශරීර කොටස් අසාධ්‍ය රෝගීන්ට බද්ධ කර ජීවිත බේරා ගැනීමේ පුවතක් වාර්තා වේ.
ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කරනු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්වයේ පත් වූ නිර්වින්දන වෛද්‍යවරියකට වීම විශේෂත්වයකි.
මීට අමතරව ඇගේ වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර ඇති අතර අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට ලබාදී තිබේ.
මේ අනුව විහගනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5කින් පුද්ගලයින් 7 දෙනෙකුට තවත් බොහෝ කලක් නීරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.
විහගනාගේ අවයව බද්ධ කල රෝගින් සියලුදෙනා මේ වන විට හොද සෞඛ්‍ය තත්වයකින් පසුවේ.කෙසේ වෙතත් සියලුදෙනා හඩවමින් විහගනා ඇගේ ජීවිතයට සමුදී ඇත්තේ තවත් කිහිපදෙනෙකුට නීරෝගිව ජීවත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.