ඊයේ (26) දින රාත්‍රී කාලයේ පොලිසියට ලද තොරතුරක් මත බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තාවේ.
මිය ගිය පුද්ගලයා සංචාරක හෝටලයක සේවය කරන බවත් ඊයේ දිනයේ තවත් කාන්තාවක් සමග මෙම නිවසට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවත් සදහන් වේ.
මිය ගිය පුද්ගලයා 35 හැවිරිදි බේරුවල මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සමග පැමිණි කාන්තාව 35 හැවිරිදි , මිය ගිය පුද්ගලයා හදුනන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
බේරුවල පොලිසිය මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබයි.














































