පොලිසිය විසින්, බීමතින් රියපදවන් රියදුරන් හට ඇප ලබාදීම අවලංගු කොට සෘජුවම අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට පෙර එසේ අත්අඩංගුවට පත්වන අයවලුන්ගේ රථය වෙනත් පුද්ගලයකු හට නිකුත් කිරීමට තිබු හැකියාවද අවලංගුවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන තෙක් බීමත් රියදුරන් හට පොලිස් ස්ථානාධිපති විසින් ඇප ලබාදීමේ ක්‍රියාව සදහා ඇති බලය අත්හිටුවා තිබේ.














































