කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන්නන් සඳහා පැනවූ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙවැනි අක්‍රමිකතාවල යෙදෙන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සිවිල් කණ්ඩායම් යෙදවීමට වරාය , නාවික , ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි භාරගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.














































