යටියන්තොට ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස මවකට හා ඇයගේ පුතු හට අකුණු සැර වැදුණු පුවතක් වාර්තා වේ.
අනතුරින් 15 හැවිරිදි පාසැල් සිසුවා මියගොස් ඇති බව වාර්තා වේ.
අකුණු සැර වැදුණු මව සිහිසුන්ව සිට ඇති අතර කම්පන තත්ත්වයකට පමණක් පත්ව ඇති බවයි සදහන් වන්නේ.
වැසි අවස්ථාවේ මව සහ ඇයගේ දරුවා නිවසේ ඉදිරිපිට සිට ඇති අතර නිවසේ එම අවස්ථාවේ සිට ඇත්තේද ඔවුන් දෙදෙනා පමණි.
මිය ගිය සිසුවා යටියන්තොට සීපොත් මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.














































