පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යාංශයට ලද තොරතුරක් මත රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 33 හා 45 යන වයස්වල පසුවන්නන් වන අතර ඊයේ (28) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරි බව වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව සඳහන්.














































