රුවන්ඩාවට පැන්න යාපනයේ 05 දෙනෙක් රෝහලක් තුළ දී සිය දිවි නසා ගන්න කතුරු ඉදිකටු ගිලලා.
නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුලු වූ යාපනයේ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ දී ඔවුන් රෝහල තුළ දී විවිධ දේ ගිල දමා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව රුවන්ඩා ජාතික රූපවාහිනිය ඊයේ (29) වාර්තා කොට තිබේ.
අත්අඩංගුවට පත් වූ පිරිස අතර වයස අවුරුදු 22 ක තරුණියක් ද සිටින අතර අනෙක් අය යාපනයේම තරුණයින් හතර දෙනෙකි.
මේ පිරිස වෙනත් යුරෝපා රටකට ගොස් ඒ හරහා රුවන්ඩාවේ කිගාලී ප්‍රදේශයට ඇතුලු වී ඇති අතර එහිදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පස් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ව කිගාලී රෝහල වෙත රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරමින් සිටි අවස්ථාවේ දී තරුණිය වෛද්‍ය මේසයක් මත තිබූ ඉදිකටු කිහිපයක් ගිල දමා තිබේ.
අනෙක් හතර දෙනා ද කතුරු ඇතුළු වෛද්‍ය උපකරණ ගිල දැමීම නිසා ඔවුන් ස්වල්ප වේලාවක දී වමනය කරන්නට පටන් ගෙන තිබේ.
ඔවුන්ව රෝහල් ගත කිරීමට තීරණය කොට ඇති කිගාලී රෝහලේ බලධාරීන් මේ පිළිබදව කිගාලී පොලීසියට ද දැනුම් දී තිබේ.
යාපනයෙන් නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුලු වූ මේ පස් දෙනා දැනට කිගාලී පොලිස් ආරක්ෂාව මැද කිගාලී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රුවන්ඩාවේ ජාතික රූපවාහිනිය වැඩි දුරටත් කරුණු වාර්තා කළේය.
මොවුන් පස් දෙනා රෝහල තුළ දී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කොට ඇත්තේ රුවන්ඩා නීතියට අනුව වෙනත් රටවලින් පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින් බන්ධනාගාර ගත කරන බව ඔවුන්ට දැන ගැනීමට ලැබීමෙන් පසුව ඊට බිය වීම නිසා යැයි පරීක්ෂණවලදී හෙළි වී ඇත.
රුවන්ඩාවේ කිගාලී පොලීසිය මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් පස් දෙනා පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
( ලංකා සර )














































