මේ වන විටත් මෙරට සම්පත් ඕනෑවටත් වඩා විනාශ කර තිබෙන ශ්‍රී ලන්කන් , CEB , CPC සඳහා නොව රටේ දුප්පතුන්ගේ සහ අවධානමට ලක් වූ පාර්ශවයන්ගේ සෞඛ්‍ය , අධ්‍යාපනය , සමාජ ආරක්ෂණය ආදී දේවල් සඳහා මුදල් අවශ්‍ය බවත් , ඩිජිටල් ආර්ථිකය කඩිනමින් ආරම්භ කළ යුතු බවත් “ ආර්ථික සංවාදය – IMF සහ ඉන් ඔබ්බට “ යන සාකච්ඡා මණ්ඩපයට එක් වෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා වූ අවස්ථා කිහිපයක් මඟ හැරී ගිය බවත් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී. 1965 දී ෂෙනෝයි වාර්තාව ක්‍රියාත්මක නොකිරීම , ඩී. එස්. සේනානායක මහතාගේ යෝජනා මත කටයුතු නොකිරීම ඇතුළු අවස්ථාවන් මග හැරී ගිය අවස්ථාවන් ලෙස දැක්විය හැකි අතර 1978 දී ජන වාර්ගික ප්‍රශ්නය හේතුවෙන් ද මෙරට ප්‍රගතිය මන්දගාමී වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ එකිනෙකා හට දෝෂාරෝපනය කරමින් රට සාර්ථකත්වයට ගත නොහැකි බවත් , IMF වැඩසටහනෙන් ඉදිරියට ගොස් ඊළග පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම පිළිබඳව අනිවාර්‍යෙන් අවධානය යොමු කළ යුතු බවත් , මෙම ඉලක්කය සපුරලීම රජයේ ද අභිප්‍රාය බවත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට ලැබී ඇති අවසාන අවස්ථාව මෙය බවත් , මෙය නැතිවුණහොත් රට නැවත අගාදයට වැටීමේ අවධානමක් ඇති බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.