අද (31) උදෑසන ලිඳුල ෆර්රාම් වතු යායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් මෙම කම්කරුවන් තිදෙනාට අසාධ්‍ය වී ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
එම කම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 72 හැවිරිදි ලිඳුල ෆර්රාම් වතු යායේම පදිංචි අයෙක් බව සඳහන්.














































