කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයින් සිව් දෙනෙකු නවගමුව – මාපිටිගම පාලම අසළින් කැලණි ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එම සිව් දෙනා අතරින් තිදෙනෙකු ඊයේ (31) සවස සැඩ පහරට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (31) සවස මෙම තරුණයින් සිව් දෙනා කැලණි ගඟේ නාමින් සිටිය දී එක් තරුණයෙකු සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති අතර එම තරුණයාව බේරා ගැනීම සඳහා තවත් දෙදෙනෙකු දියට පැන ඇත.එම තරුණයින් දෙදෙනාද සැඩ පහරට හසු වී ගසා ගෙන ගිය නමුත් ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට හැකි වී ඇතත් අනෙක් තරුණයා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කරයි.
ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ මළ සිරුර අද (01) නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවර , හබරල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ජනිත් මහේන්ද්‍ර නැමති අයෙකි.














































