ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට ප්‍රදේශයන්හි තෙල් පිරිපහදු දෙකක් අලුතින් ඉදිකිරීමට නියමිත බව වාර්තාවේ.
මෙම ඉන්ධන පිරිපහදු ව්‍යපෘති දෙක ඉදිකිරීම සදහා ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලට අවසර ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පියවරක් ලෙස ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව ඉන්දියාව හා ජපානය සමග එක්ව ආරම්භ කරන බවත් හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව චීනයේ සමාගමක් විසින් ආරම්භ කරන බවත් සදහන් වේ.














































