පැල්මඩුල්ල අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් පසු ගිය දා නිදි යහනේදීම මිය ගොස් තිබුණි. එම මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින්, ශරිරයේ කොටස් රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කර තිබුණේ ඇය මිය ගිය හේතුව අනාවරණය කරගැනීමටය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (2) සිදුකරන ලදී. මෙහිදී අපට අනාවරණය වූයේ ඇගේ ශරීරයේ කොටස් තවමත් රස පරීක්ෂක වෙත යවා නැති බවයි.
එසේ ලබා ගත් ශරීර කොටස් තවමත් කහවත්ත මහ රෝහලේ තිබෙන බවට මිය ගිය නීතිඥවරියගේ සමීපතමයන් ප්‍රකාශ කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, ඒ පිලිබඳව විමසූ විට , කහවත්ත රෝහල් බලධාරින් ප්‍රකාශ කරන්නේ , ඒවා යැවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති බවයි.















































