මෛත්‍රීපාලගේ ආණ්ඩු සමයේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සිදු කල බව දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂක බව කියන නාමල් කුමාර ප්‍රකාශ කරයි . චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.
මෙහිදී නාමල් කුමාර ප්‍රකාශ කරන්නේ DIG නාලක සිල්වා මහතාගේ සැලසුම තමා දැනගත් විට පවුලේ අයෙකුට බලපෑමක් එල්ල කල බවත් ,දුරකථනයෙන්ද තර්ජනයක් සිදු කල බවත්ය.මේ බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත පැවසූ විට ඔහු එනතුරු කිසිදු කලබලයක් සිදු නොකරන ලෙසත් තමා විත් මේ ප්‍රශ්නය විසදන බවත් සදහන් කල බවට මොහු ප්‍රකාශ කරයි.
මේ අනුව නාලක සිල්වා ජනාධිපති හා ගෝඨාභය ඝාතනය සැලසුම් කල බවට ත්‍රස්ත විමර්ශණ පොලිස්පතිවරයාට චෝදනාවක් එල්ල වෙද්දී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මොහුගේ වැඩ තහනම් කරනවා වෙනුවට මොහු සමග කැලණි පන්සල් ගොස් බෝධි පූජාවක් තැබූ බවත් මොවුන් දෙදෙනාම ආරක්ෂක අංශ මගහැර සිටි බවත් නාමල් කුමාර විසින් සදහන් කරන ලදී. කෙසේ හෝ නාලකට ඇති චෝදනාව තර වී CID එකෙන් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කිරීමත් සමග ඔහුගේ වැඩ තහනමකට ලක් වූ බව ද නාමල් කුමාර වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට සරත් ෆොන්සේකා මහතාට ලබා දුන් සැලසුමකට අනුව නාලක සිල්වා ජනාධිපති ඝාතනයට සැලසුම් කළ බවද ,ඒ අනුව මෛත්‍රීපාලගේ නැගෙනහිර පවතින සැසියකට මාකදුරගේ ගෝලයෝ දෙදෙනෙකු ආයුධත් සමග යැවීමට තමාට භාර වූ බවද නාමල් කුමාර විසින් ප්‍රකාශ කරනු ලබයි.
එමෙන්ම අප්‍රේල් 21 මුස්ලිම් පල්ලිවලට ගැසීම “ප්‍රභාකරන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තුෂාර පීරිස්ගේ සැලසුමක් වූ බවත් , නාලක සිල්වා තමා මාර්ගයෙන් Fake Account එකක් සාදා සහරාන් සමග සබඳතා ගොඩනගා ගත් බවත් නාලක යනු එතරම් දක්ෂයෙකු නොවූ බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
චමුදිතගේ ප්‍රශ්න කිරීමට නාමල් මෙසේ පිළිතුරු දෙයි.මෛත්‍රීපාලගේ කොමිෂමෙන් තමා මුදල් නොගත් බවත් ,පොහොට්ටුවට Nomination භාර නොදුන් බවත්,අපේ ජන පක්ෂය සමග හිතවත්කමක් පමණක් වූ බවත් ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන ලදී.ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ජන බල පක්ෂය යනු ලංකාවේ සුදු ඇදගෙන , බෞද්ධ නාමය විකුණගෙන කන , අපරාධ කිරීමට දේශපාලනයට පැමිණි උදවිය බවත් මේ අතරින් සමන් පෙරේරා යනු ප්‍රබල ගණයේ අපරාධකාරයෙක් හා දූෂිතයෙකු බවත් ය.
තවද අලව්ව ප්‍රදේශය යනු මත්ද්‍රව්‍ය මූලස්ථානයක් බවත් , පොලිසිය මැදිහත් වීමෙන් හෝ එම මත්ද්‍රව්‍ය පාලනය කළ නොහැකි බවත් , නාමල් විසින් මේ සම්බන්ධව මාධ්‍ය වෙත ලිවීමෙන් පසුව සිය බිරිද සහ අසල්වාසින් දෙදෙනෙකු සමග මෙම ප්‍රදේශයට ගිය බවත් , එම අවස්ථාවේ කාන්තාවක් විසින් තමා ගැට ගැසූ බවත් නාමල් කුමාර විසින් ප්‍රකාශ කරනු ලැබීය. පසුව තමා එම කාන්තාවගේ පියයුරු ඇල්ලූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගිය නමුත් තමාට ආච්චි අම්මා කෙනෙකු අල්ලා ගැනීමට කිසිදු උවමනාවක් නොමැති බව ඉතා උපහාසාත්මක ලෙස නාමල් විසින් ප්‍රකාශ කළ අතර හෙට්ටිපොළ ගිනි තැබීම පිළිබඳව තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අධිකරණය විසින් තීන්දු කර තිබෙන බව නාමල් ප්‍රකාශ කරයි.
එමෙන්ම නාමල් ප්‍රකාශ කර සිටින්නේ තමා ඉදිරිපත් කළ විඩියෝවක් මගින් බෝම්බ ගැසීම නතර වූ බවත් , නමුත් ෆොන්සේකා ද ගෝඨාභය පන්නන්න බැරිම තැන අරගලේට බෝම්බ ගසා මෙය ගෝඨාගේ සැලසුමක් බවට හංවඩු ගැසීමට සැලසුම් කළ බවත් , මෙය සරත් ෆොන්සේකාගේ උවමනාවට විදේශගතව සිටින ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් සැලසුම් කර තිබූ එකක් බවත් ය.
මේ අනුව නාමල් පවසා සිටින්නේ තමා කිසිදු ආගමකට විරුද්ධත්වයක් නොමැති බවත් ප්‍රශ්න කිහිපයක් ගැන පමණක් අවධාරණය යොමු කල බවත් ය. එමෙන්ම පාතාලය සමග කටයුතු කරන්නේ තමාට අවශ්‍ය තොරතුරක් දැන ගැනීමට බවත් තමා මනුෂ්‍යයෙකුට ගහනවනම් ගහන්නේ නීතියෙන්ම පමණක් බවත් නාමල් විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
“නාලක සිල්වා නැවත රැකියාවේ පිහිටවූ බැවින් නාමල් මුළු රටම ගොනාට ඇන්දුවද ” යන වග චමුදිත සමරවික්‍රම විසින් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැනගැනීමට පහත විඩියෝව නරඹන්න.














































