ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරනු ලබන පොල්තෙල් වලින් 72% ක ප්‍රමිති පරීක්ෂාවක් සිදුව නොමැති බවට නීරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සදහන් වන බව වාර්තා වේ.මෙම වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ නවතම කාර්‍ය සාධන වාර්තාව වන අතර මෙය පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද වාර්තා කරයි.
එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට නිශ්පාදනය කරනු ලබන සහ අපනයනය කරනු ලබන පොල් නිශ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය නියම කිරීම සහ පවත්වාගෙන යාම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බවයි.
එමෙන්ම පොල්තෙල් නිශ්පාදන සදහා තරු පහකින් යුතු ලාංඡන 2019 වර්ෂයේ දී ලබා ගෙන ඇත්තේ පොල් තෙල් මෝල් හතක් බව ද මෙම වාර්තාවේ සදහන් කර ඇති බව වාර්තා වේ.
ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ පසුගිය වසර කාලය තුළ දී ෆාම් ඔයිල් ආනයනය මෙට්‍රික් ටොන් 199433 ක් වූ බවත් , ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් නිශ්පාදනය වැඩි කිරීමට කටයුතු නොකර දේශීය පොල්තෙල් වලින් වැඩි කොටසක් ෆාම් ඔයිල් සහ ආනයනික පොල්තෙල් වලින් සපුරා ගැනීම පොල් සංවර්ධන අධිකාරියේ අරමුණුවලට සමාන නොවන බවත් ය.














































