වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 37 දෙනෙකු අලුත්ගම , මොරගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර මෙම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.
මෙම චීන ජාතික පිරිස අතර කාන්තාවන් පස් දෙනෙකු සහ අවුරුදු 6ක් වයසැති දරුවෙකු ද සිටින බව සඳහන්.














































