කුවීන්ස්ලන්තයේ පිහිටා තිබෙන ජනප්‍රිය නිවාඩු නිකේතන සහිත නගරයකදී ඕස්ට්‍රේලියාවේ බිහි වූ දක්ෂ පිතිකරුවෙකු වන මයිකල් ස්ලේටර් විසින් පොලිස් නිලධාරීන් හට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති අතර ස්ලේටර් මැයි 2 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කොට තිබේ.
නූසා ප්‍රදේශයේ සිදු වූ ගෘහස්ථ පහර දීමක් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ ස්ලේටර් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































