රජය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එලැඹි තීරණයට විරෝධය පලකරමින් ටෙලිකොම් සේවකයින් අද (03)දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී තිබෙන බවට වාර්තා වේ.
ටෙලිකොම් වෘත්තීය සමිති 18ක සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම වර්ජනය සිදු වූ අතර කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීද ටෙලිකොම් සේවකයින් විරෝධතාවයක නිරත වී තිබේ.














































