මහ දවල් කඩුවෙල රණාල ප්‍රදේශයේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 11 දෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් පිළිබඳව වාර්තා වේ.
එහිදී සැකකරුවන් 7 දෙනෙකු සහ සැකකාරියන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය 06.850g ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 28-48ත් අතර අතුරුගිරිය ,වත්තල ,වැල්ලම්පිටිය සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් වයස අවුරුදු 25-44ත් අතර වූ බියගම ,රණාල,මරදාන,හෝකන්දර ,අතුරුගිරිය,වත්තල සහ කඩුවෙල පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ සැකකරුවෙක් වන “චොරා ” නැමැත්තාද සිටින බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සැක පිට අත්අඩංගුවට පත් පිරිස අද (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














































