රුමේනියාවේ ලාංකික තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වූ බවට වාර්තා වේ.
රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවට එහිදී විදේශ අමාත්‍යාංශ නිලධාරින් සදහන් කර තිබේ.
ඊට අදාළ සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර ,තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවට ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































