යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත
කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමය වැඩිදුරටත් සදහන් කරන්නේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසයි.
එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ














































