English
සිංහල
07:49 බ්‍රහස්පතින්දා, අප්‍රේල් 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ත්‍රස්තවාදී පනත හරියටම හදුනා නොගත් අවස්ථාවාදී විරෝදය.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන එන්නට සුදානම් කර තිබු ප්‍රති ත්‍රස්ත(ATA) පනත ගැනය.එම කෙටුම්පත් පනත ගෝඨාභයට ගෙන ඒමට ඉඩක් නොලැබුණි.එය කිසිදු සංශෝධනයකට ලක් නොකොට රනිල් වික්‍රමසිංහ රජය මෙය ගෙන එන්නට සුදානම් විය.යුරෝපා සංගමය ජි එස් පී ප්ලස් සහනය ට බලපාන කරුණු ගැන හා මෙම පනතේ ඇතැම් කරුණු ගැන විවේචනාත්මක ලෙස කරුණු දක්වා තිබුණි.සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් පනත රනිල් ගේ නිර්මාණයක් යැයි කර ගෙන ගිය විරෝධයද ඔහුට දැනෙන්නට ඇත.පනත තාවකාලිකව සංශෝධනයට යැවිණි හෝ පස්සට ගත්තෝය.

    පනත ඉදිරිපත් කිරීමේදී පනතේ කරුණු විකල්ප මතධාරීන්,කුඩා දේශපාලන කුලකයන් එයට විරුද්ධ වෙමින් කරුණු දක්වන ලදී.ලංකාවේ සිටිනවා යයි කියන ත්‍රස්ත විශේෂඥයන් ,ආරක්ෂක විශේෂඥයන් හා නීතී විශාරදයන් මේ පනත ගෙන කරන සාකච්ඡා විරල විය.එයට සාපේක්ෂව දියත් වුයේ කෙටුම්පතේ කරුණු සාධාරණිකරණය කිරීමේ දේශපාලන කැම්පේන් පමණි.කුඩා දේශපාලන කුලක තමන් මර්දනයට මේ පනත ඍජුවම ඉලක්ක කරගෙන ඇති බවට පමණක් වටහා ගත් අතර ඔවුන්ට විරුද්ධව ඇති ප්‍රධාන දේශපාලන බලවේග වල කැම්පේන් එක වනුයේ ඔවුන් මර්දනය කිරීම වෙනුවෙන් මේ පනත දිව ඔසුවක් වනු ඇති බවය.මේ දේශපාලන අර්ථ කථන හැරුණු විට නීතීමය අර්ථ නිරුපන හෝ පනතේ ඇති ප්‍රයෝගික,තාක්ෂණ දෝෂ අදටත් කථා බහ වන්නේ නැත.

    ලංකාවට ප්‍රති ත්‍රස්ත පනතක් මොකටදැයි බොහෝ දෙනෙක් අසති.ඒ ප්‍රශ්නයට පිළිතුර නම් ලංකාවට ප්‍රති ත්‍රස්ත පනතක් අවශ්‍ය නැතිනම් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහය පුළුල් කර අද ලෝකයට ගැලපෙන පරිදි එය සකස් කිරීම කළ යුතු බවය.අනෙක් අතින් ලංකාවට ලෝකයේ තනිවම ජිවත් විය හැකිද යන්න ප්‍රති ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් විය යුතුය.ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහ වෙනත් සංගම් වල සම්මුති වලින් බැඳී සිටි.ලෝකය තුළ හඳුනා ගත් ත්‍රස්තවාදයේ භූගෝලීය විවරණය වනුයේ ජාතික (National) ජාත්‍යන්තර (international) රටවල් බොහොමයක් සම්බන්ධ (transnational) වශයෙනි.1971 කැරැල්ල..1988-89 භිෂණය හා ලංකාවේ උතුරේ පැවතී ත්‍රස්තවාදය මේ ආකාර තුනෙන්ම පෝෂණය වෙමින් ඇදී යාම අධ්‍යනය කළ හැකිය.අප්‍රේල් 21 දිනට වසර හතරක් සම්පුර්ණ වන පාස්කු ප්‍රහාරය ද භූගෝලීයව ඉහත සීමාවන් තුනම තුළ ක්‍රියාත්මක වූ අතර වින්දිත වූහ.එසේ නොවුයේ නම් දින දෙකකට පසුව අල් අග්බදබ් ප්‍රහාරයේ වගකීම භාරගන්නේ නැත.

    ඉහත කි 1971,88-89 කැරලි හා වසර 30 ක උතුරේ ගැටුම හා පාස්කු ප්‍රහාරය තම තම නැණ පමණින් රටේ දේශපාලන සීමාව තුල අර්ථ නිරූපණය වුවද ඒ සම්බන්ධව ඇති ලෝක දේශපාලන හා භූ දේශපාලන ප්‍රවණතා හා බලපෑම් සමාජ විඥ්ඥානයට ගෝචර නොවන බව පැහැදිලිය.ලංකාවේ ත්‍රස්තවාදය 2009 මැයි 09 දා අවසන් කළේ නම් පනතක් කුමට දැයි අසන්නේ සමාන්‍ය තරුණ ගැටව් හෝ රතු ගැටව් ලෙස මොළ සෝදනයවූ අය පමණක් නොවේ.ප්‍රවීණ විචාරකයන්ගේද ලිපි වල එවැනි අදහස් අසා තිබිණි.ලංකාවට ප්‍රති ත්‍රස්ත පනතක් අවශ්‍ය වුයේ බොහෝ කලක සිටය.ඒ 2009 පසු ලංකාවේ මුහුදු තීරය හා පිහිටීම උපයෝගී කරගෙන ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ලංකාව වැදගත් තැනක් බවට පත්වෙන විටය. 2009 වන තුරු LTTE බලපෑම නිසා උතුරු නැගෙනහිර මුහුදු තීරය ජාත්‍යන්තර බලපෑමට යටත් නොවී වසර 30 ක්ම පැවතුණේය.යුද්ධය අවසන් වීමත් සමගම එය වෙනස් විය.සේද මාවතේ ව්‍යාපෘති දියත් විනි.එතෙක් සංචාරක හා යුධ ව්‍යාපාරයට පමණක් විවෘත වූ ශ්‍රී ලංකාව අද ව්‍යපාරික වශයෙන් විවෘත වීමේ අවස්තාව පවතී.

    අද දුක් විඳින්නේ චීන ණය පොලියේ අනුහසින් වුවත් ලංකාව තුල වරාය ,ගුවන් තොටුපල හා අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ෆොර්ට් සිටිය ගොඩ නැගී ඇත.ඒවා ආර්ථික මධ්‍යස්ථාන ලෙස අවධානයට ලක් නොවීමට ප්‍රධානතම හේතුන් වන්නේ ලංකාවේ දේශපාලන අස්ථාවරභාවයය.දෙවනුව ආරක්ෂාවය.සංචාරක ගමනාන්ත වල අංක එකට සිටි ශ්‍රී ලංකාව පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු නැගිට්ටේ නැත.ලෝකයේ රටවල විදේශ අමාත්‍යංශ වල වෙබ් පිටු ලංකාව ගැන පවසන්නේ මොනවාදැයි ගැඹුරු අධ්‍යනයක යෙදෙන විට එය වැටහේ.ලෝකයේ ධනවතකු වූ ස්වීඩන් ජාතිකයාගේ දරුවන් අහිමි වුයේ පාස්කු බෝම්බ ප්‍රහාරයේදීය.නවසීලන්ත වෙළඳසලකදී ත්‍රස්ත ක්‍රියාවක් කළේ ලංකාවේ කෙනෙකි.මේ සියල්ල තුළ ලංකාව තුළ කව්රුන් කෙසේ කීවත් ත්‍රස්තවාදය කිසිම අයුරකින් අවසන් වී නැත.ණය කඳු වලට අප බැණ බැණ සිටීමෙන් ණය ගෙවෙන්නේ නැත.චීන ධනවාදය කව්රු මෙරටට ගෙන ආවත් ජනතාව දැන් මුහුණ දිය යුතුය.

    ආයෝජන දිරිමත් කිරීම උදෙසා නැවත ත්‍රස්තවාදයන් බිහි නොවීම පමණක් නොව,යමක් සිදු වුවහොත් නීතීය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතී පරිසරය රට තුල තිබිය යුතුය.ලෝකයේ සමාගම් ක්‍රියාත්මක වන්නේ රක්ෂණයන් ගේ ප්‍රතිලාභ හා ක්‍රමවේදයන් අනුවය.ත්‍රස්ත ක්‍රියාවකට වන්දි ලැබීමට නොහැකි නම් ලංකාව වටේම තිබෙන දූපත් චීනෙන් ණය අරන් වෙළඳ මධ්‍යස්ථාන බවට පත්කළද ආයෝජකයන් එන්නේ නැත. ඒ රටේ නීතීය ත්‍රස්ත ක්‍රියාවන් ගැන රක්ෂණ සමාගම් වලට සමගාමී නීතීන් බිහි කර නැති නිසාය.පර්ල් නෞකාවේ හානියට තවමත් වන්දි ඉල්ලා නැති බව කියවේ.එය ලංකාවේ අඩුපාඩුවකි.මෙයට බොහෝ විට හේතුව වන්නේ ලංකාවේ නීතීය අන්තර් ජාතිකව ගැළපෙන නීතීන් සම්පාදනය කර පවත්වාගෙන නොයාම විය හැකියි.මේ නෞකාව නිසා වූ හානිය සැබවින්ම ත්‍රස්ත ප්‍රහාරයක් නිසාම වුයේ නම්..තත්ත්වය තතු දත් අය පැහැදිලි කරගනු ඇත.මෙවැනි සිද්ධියක් ඉරාක-ඉරාන යුද්ධ කාලයේදී ද සිදු විය.ඒ කොළඹ වරායේ තිබුණු තෙල් නැවකට ගිනි තැබීමයි.එය සිදු වුයේ ත්‍රස්ත ක්‍රියාවක් ලෙසිනි.ඒ මුදලටය.එවැනි ක්‍රියා හෙට නොවෙතැයි..තවත් වසර 100 කින් නොවෙතැයි ගණන් බලා සහතික විය හැකිනම් ..නීතීන් ගෙන ඒමට විරුද්ධ විය හැකිය.සාමකාමී රටක් දැක නැති මිනිසුන්ට ගැටුම් සමාන්‍ය වී ඇත.ලේ සමාන්‍ය වී ඇත.ලංකාව ජනගත සාමුහික ප්‍රචණ්ඩත්වයෙන් යුතු රටකි.ගැටුම් ඇති වීම අත්‍යවශ්‍ය අනවශ්‍ය හෝ සිදු නොවිය යුතු අවස්ථාවල සිදුවන්නේ ඒ නිසාය.

    ලංකාව අරමුණක් නැතැයි මම කාලයක් තිස්සේ පවසන්නේ මේ නිසාය.එසේ අරමුණක් තිබුණේ නම් මේ අණපනත් ගෙන ඒමට පෙර ඒවායේ අරමුණු,ඒවායෙන් අපේක්ෂිත ප්‍රථිපල සාකච්ඡා විය යුතුය.එසේ නොවන්නේ නම්..ඇත්තටම අර දෙපිල බෙදී කරගන්නා වූ දේශපාලන චෝදනා නිවැරදි විය යුතුය.ජනතා නැගිටීමක් ආසන්නයේ දීම මේ පනත කිසිදු විචාරයකින් තොරව සමාජයට අතහැරීම අනුමත නොකරමි.එහෙත් ආණ්ඩුවලට වෙනත් විකල්පයන් ද විරුද්ධ වන අප යෝජනා කල යුතුය.මන්ද ඒ ආණ්ඩු විකල්ප නැති ,යාවත්කාලින නොවන අප විසින්ම පත්කරගත් මිනිසුන්ගේ යුතු බැවිනි.

    පාර්ලිමේන්තුවේ පනත විවාද වන තුරු එය දැනගැනීමට ඉන්නා ලෙස කීම දැන් ඇති ප්‍රවණතාවය අනුව ජනතාව පිළි නොගනී.ඒ 225+1 ට අයත් පිරිසෙන් කව්රු මොනවා කිව්වත්,ඇත්තක් කිව්වත්,බොරුවක් කිව්වත් ජනතාව පිළි නොගන්නා නිසාය.ඒ නිසා ආණ්ඩුවට වගකීම් රාශියක් තිබේ.

    1 ATA වෙනුවට දණ්ඩනීති සංග්‍රහය යාවත් කාලීන කර නීතීය නිවැරදිව ශක්තිමත් කරනවාද? යන්න තීරණය කිරීමය.
    2 ලෝකයේ ඇති දියුණු ත්‍රස්ත විරෝධී නීතීන් අධ්‍යනය කර පුද්ගලයන්ට නොව ක්‍රමවේදයකට බලය පැවරෙන ATA පනතක් ගෙන එනවාද යන්න තීරණය කිරීමය.

    ආණ්ඩුව මේ පනතම ගෙන එන්නේ නම්..මේ පනත සියළු තාක්ෂණ දෝෂ රහිතව නැවත ලිවිය යුතු අතර ජනතාවගේ දේශපාලන හා මානව අයිතීන් මොනවාද යන්න මෙන්ම ත්‍රස්ත ක්‍රියා මොනවාද යන්න අතර පැහැදිලි දැනුවත් කිරීමක් හා පැහැදිලි ලේඛනගත වීමක් සිදු විය යුතුය.නිදා සිටින මධ්‍යස්ත වියතුන් ගේ සහාය අදහස් මෙයට ලබාගත යුතුය.පක්ෂ පාට හා එක එක පක්ෂවල ඉන්නා වියතුන්ද මෙයට එක්කර ගත යුතුය.ඔවුන්ගේ දායකත්වය සහිත සංශෝධන එකතු නොවන්නේ නම් හා එසේ සහය දැක්වීමට ඔවුන් එකඟ නොවන්නේ නම් ..මේ පනතට එරෙහිව පාරට බැසීමට පොටක් පාදා ගැනීමට පමණක් මේ විරෝධය යයි අපට වටහා ගැනීමට සිදු වේ.ලෝකයේ ප්‍රවණතා හා ලංකාවේ චීනය හා බැඳුනු ආරථික ප්‍රවණතා නිසාම,ලෝක යුධ ප්‍රවණතා හා ආසියා පැසිෆික් කලාපයේ උණුසුම් වීම මත අපිට මර්දනයේ ඇසින්ම පමණක් දකිමින් රටට අවශ්‍ය නීතී ප්‍රතික්ෂේප කළ නොහැකිය.ආසියාව බලවත් වන විට අනාගතයේදී north stream pipe line ගණයේ ප්‍රහාර අපේක්ෂා කළ යුතුය.ෆොර්ට් සිටියට යටින් අප්‍රිකාව දෙසට තෙල් මාර්ගයක් ඇතැයි කියවේ..ඒවා තැපැල් කන්තෝරු මෙන් ගිනි තබන්නට දෙන්නට කව්රුත් කැමති වනු නැත.

    අනෙක් අතින් ත්‍රස්තවාදී ලේබලය කුඩා ජනවර්ග,දේශපාලන කණ්ඩායම් හා බලපෑම් කණ්ඩායම් යටත් කරගැනීමට යොදාගැනීම යන න්‍යායෙන් පමණක් දැකීම,දැකීමට පෙළඹවීම හෝ ක්‍රියාත්මක වීම අවසන් කළ යුතුය.ලංකාව ලෝකය සමග ගමන් කරන්නේ නම්..ලංකාවේ නීතීන් අළුත් විය යුතුය.එහෙත්…ගෝඨා ගේ කෙටුම්පත ප්‍රාථමික නිසා වික්‍රමසිංහ විසින් දියුණු කෙටුම්පතකට මාර්ගය විවර කල යුතුය.බින් ලාඩන් වෙන රටකදී මරා දැමීමට තරම් ත්‍රස්තවාදය වැලක්වීමට ඇමෙරිකාවට හැකි නම්..රාජිව් ඝාතනයට ප්‍රභාකරන්ට ඉන්දියාවේදී දඬුවම් නියම කිරීමට හැකිනම්…….අපටද අපේ නීතීය තුළ අල්ලාගත නොහැකි ත්‍රස්තයාට පවා දඬුවමක් නියම කර තහනම් කිරීමේ ක්‍රම වේදයක් පැවතිය යුතුය.එහෙත් ඇත්ත නම්,,බොහෝ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ සියළු දෙනා නිදැල්ලේ සිටීමය.තනතුරු දැරීමය.සියළුම ත්‍රස්තවාදීන් සමාජයට මුදාහැර ලංකාව ත්‍රස්තවාදයෙන් මිදී ඇතැයි කීමේ විහිළුවේ වියරුව වටහාගැනීම වැදගත්ය.ලංකාවේ අපරාධ ගැන අධ්‍යනයක් කළහොත් මෙය වටහා ගත හැකිය.

    ලංකාවේ ත්‍රස්තවාදය අවසන් යයි..සිතීමම යුගයේ භයානකම විහිළුවය.පාස්කු ප්‍රහාරයේ දඬුවම් ගැන කිඹුල් කඳුළු හෙලන මැල්කම් රන්ජිත් මේ ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධය.LTTE ය ජාත්‍යන්තර ජාලයේ අරාක්ෂා කළේ මැල්කම් රංජිත් වැනි ඔවුන්ගේම කතෝලික පුජක වරුය.අපිට බණක් කියන්නට වත් දැන් ඉඩක් නැතැයි ඕමල්පේ හාමුදුරුවෝ කියා ඇත.ඒ බණ යනු කුමක්දැයි වටහා ගන්නට ඔබට හැකියාවක් ඇත.නානසාර් බණ 800 කියා ගෝඨාභය ගෙන ආවේය..ඒ බණ හා ත්‍රස්තවාදය අතර සම්බන්ධය ඔබම විවරණය කරගන්න..පාස්කු කොමිසමේ නැගෙනහිරින් පැමිණි මුස්ලිම් අන්තවාදී අදහස් ප්‍රචලිත කළ අයගේ සාක්ෂි විමසීම් දකින්න..මේ අර්ථයෙන් 2009.මැයි 19 වෙනි දින ත්‍රස්තවාදය අවශ්‍ය වෙලාවේදී එලියට ගැනීමට අල්මාරියක දමා වසා තැබුවා මිසක් අවසන් කර නැත.පිල්ලෙයාන්,කරුණා අම්මාන්..ගැන මතක් වන්නෙම නැතිද? එයට සදාකාලික විසඳුමක් නැතත් එය එලියට ගන්නා කව්රු වුවත් ,ජනසමාජය ත්‍රස්ත කිරීමට එරෙහි ක්‍රියාත්මක විය හැකි දියුණු නීතියක් රටට අවශ්‍යය.(ත්‍රස්තවාදයේ ප්‍රභේද හා ලංකාව ඊළඟ ලිපියෙන්)pictures are from internet.

    (ටිකිරි සුභාෂිණි )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version