නිවාස සහ සුපිරි වෙළදසැල් වලින් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා දේපළ සොරා ගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200 ක් සමග මීගොඩ , හල්බරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම සැකකරු හොරණ , බණ්ඩාරගම , මීගොඩ , මොරගහහේන යන පොලිස් වසම්වල නිවාස 4 කට සහ සුපිරි වෙළදසැලකට ඇතුල් වී මෙම භාණ්ඩ සොරා ගෙන ඇති බව සදහන්.
සැකකරු විසින් සොරා ගෙන තිබූ භාණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර ඔහු විසින් සොරා ගත් දේපළවලින් ආලේපන වර්ග හෝමාගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකයට විකුණා එම මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම සැකකරු ලබා දුන් ප්‍රකාශ මත ඔහු විසින් සොරා ගත් අනෙකුත් භාණ්ඩ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සදහන්.