පවුලේ සාමාජිකයන් අතර පැවති මත්පැන් සාදයක් අතරතුර අවාසනාවන්ත ලෙස මව මිය යාමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
ගල්ගමුව, හොරෝව්වැව ප්‍රදේශයේ දී මව, පියා හා වැඩිමහල් පුතු තිදෙනා එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි දී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් මවට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහර දීම හේතුවන් 52 හැවිරිදි දෙදරු මව මිය ගොස් ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
මෙම මරණය සම්බන්ධයෙන්, ගිරිබාව පොලිසිය විසින් මිය ගීය කාන්තාවගේ සැමියා, වැඩිමහල් පුත් හා ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.














































