පියා සමග දිය නෑමට ගිය දරුවකු වළවේ ගඟේ ගිලී මියයාමේ පුවතක් සෙවනගල හබරත්තලාව, ප්‍රදේශයෙන් වාර්තාවේ.
දරුවන් දෙදෙනකු පියා සමග වලවේ ගඟේ දියනෑමට සෙවනගල, හබරත්තලාව ප්‍රදේශයෙන් ගොස් ඇති අතර තුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
දරුවා නහවමින් සිටියදී පියා හට දරුවා අතහැරී දියපහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
අනතුරන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 ක් වන සෙවනගල හබරත්තලාව, ප්‍රදේශයේම පදිංචි පාසැල් සිසුවකු බව පැවසේ.














































