ඉන්දියාව යළි කොවිඩ් අවධානමකට ලක්ව ඇති අතර එරට රෝහල්වල සූදානම පිළිබඳව සොයා බැලීමට සහ අත්හදාබැලීම් සිඳු කිරීමට අද සහ හෙට යන දිනයන්හි වැඩසටහන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එරට ව්‍යාප්තව ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හදුන්වන XBB.1.16 බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාධිතයින් 6000ක් වාර්තා වී ඇති අතර මේ වන විට එරට කොවිඩ් ආසාධිතයින් 35,000ක් පමණ හඳුනාගෙන ඇති බව සඳහන්.















































