අද (11) දින උදෑසන දැරියක් තම පියා සමග අලුත් අවුරුදු සමය වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා බේරුවල ධීවර වරායට ගිය අවස්තාවේදී වරායේ ජැටියෙන් මුහුදට වැටුණු දැරියගේ දිවි අනු නවයෙන් බේරා බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයකු සමත්ව ඇති බව වාර්තාවේ.
එම අනතුර සිදුවන අවස්ථාවේදී ධීවර වරායට මාළු මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිට ඇති අතර ඇතිවූ තෙරපීම හේතුවෙන් මෙම දැරිය ජැටියෙන් මුහුදට වැටී ඇති බව වාර්තාවේ.














































