කාන්තවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලිසියට අනියුක්තව රාජකාරි කරන මෙම සැරයන්වරයා ඊයේ සවස පොලිස් පොතේ පිටව යෑමේ සටහන් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක ගේ රන්මාලය කොල්ල කා ඇත. එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. සැරයන්වරයා සහ රන්මාලය පොලිසියට ගෙන ගොස් පරික්ෂා කිරීමේදී එම රන්මාලය ඉමිටේෂන් එකක් බවට තහවුරු වී ඇත ඉදිරි විමර්ශන තලංගම පොලීසිය විසින් සිදු කරයි .














































