අප්‍රේල් මස 13, 14, 15 යන තෙදින තුල සිරකරුවන් හමුවීමට පැමිණෙන අය හට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්තාවක් ලබා දී ඇති බව වාර්තාවේ.
ඒ එම දින තුන තුලදී පැමිණෙන අමුත්තන් හට සිරගතව සිටින රැදවියන් වෙනුවෙන් එක් අයකුට පමණක් පරිභෝජනයට ප්‍රමාණවත් අහාර හා රස කැවිලි ගෙනැවිත් දීමේ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දීමයි.
තවද රැදවියන් වෙනුවෙන් අවුරුදු උත්සව, ජන ක්‍රීඩා, සංගීත වැඩසටහන්, අළුත් අවුරුදු චාරිත්‍ර සිදුකිරීම, වැනි දේ බන්ධනාගාර දෙපාරතමේන්තුව විසින් ක්‍රියාවට නැංවීමට සුදානම් කොට ඇති බව සදහන් වේ.














































