අලවංගුවකින් පහර දී, පිහියකින් ඇන පුද්ගලයකු මීසාලේ ප්‍රදේශයේදී ඝාතනය කොට ඇති බව වාර්තාවේ.
ඝාතකයා මානසිකරෝගියකු බවයි වාර්තාවන්නේ.
සැකකරු තෙලිප්පලේ පිහිටි මානසික රෝහලින් පලාගොස්, ටික දිනකට ඔහුගේ සාත්තු සේවයට ලග සිට ඇති පුද්ගලයකු මෙලෙස ඝාතනය ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
මියගොස් ඇත්තේ ආනකෝට්ටේ පදිංචි 43 වියැති වන නාග සෙල්වන් නම් සාත්තු සේවකයකු බව පැවසේ.
සැකකාර 20 හැවිරිදි මානසික ආබාධිත පුද්ගලයා මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත














































