එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරන බවත්, එම කටයුතු මන්දගාමි බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව, අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
නිවේදනයක් මගින් දක්වා ඇත්තේ වන්දි ලබා ගැනීම ,තක්සේරු කිරීම සදහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට පෙර ලබාදෙන බවට පොරොන්දු වුවත් එම වාර්තාව තමන් වෙත ලබාදෙනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේ බවයි.
ඒ අනුව නෛතික වාර්තා ,නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව සදහන් .