අලවතුගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනා විසින් අලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඡායාරූප ශාලවක් තුළ තිබූ පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව සඳහන් .
සැකකරුවන් දෙදෙනා අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 41 සහ 36 යන වයස්වල පසුවන්නන් ය.
මොවුන් සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 43 ක් සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බව වාර්තා වේ.














































