ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම් අත්‍යවශය සේවාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර ඉල්ලීමක් තිබූ බවට වාර්තා වේ.
අද පැවති පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
“පළවෙනිදා ගන්නවා අත්‍යවශ්‍ය සේවා පනත පිළිබඳ විවාදයක්. ඉතින් එතකොට ප්‍රශ්න කළා ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම් පිළිබඳව කථිකාචාර්යවරුන්ගේ සංගමය අරන් තියෙන තීරණය පිළිබඳවත්. දැන් ජනාධිපතිතුමා සමහරවිට ඒකත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයි ද කියන ප්‍රශ්නයකුත් පැනනැගුනා, ඒ පිළිබඳව පක්ෂ නායකවරු අතරේ එහෙම කළයුතුයි කියලා ඉල්ලීමකුත් තිබුණා. අවශ්‍යවුණොත් එහෙම පත්කරලා හරි මේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ඉක්මණට කරලා නිමා කළ යුතුයි. මොකද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාණ ඇපකරුවන් හැටියට තියාගෙන තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට කරන උත්සාහය පිළිබඳව දැඩි විවේචනයකුත් තිබුණා.”














































