පසුගිය 18 වනදා රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 118 යන හදිසි ඇමතුම් අංකයට , අකුරණ ප්‍රදේශයේ යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිඳුවන බවට දුන් තොරතුරක් මත ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබීය. නමුත් මෙසේ ලබා දුන් තොරතුර ව්‍යාජ තොරතුරක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ව්‍යාජ තොරතුර ලබා දුන් සැකකරුව අද (22) පෙරවරුවේ හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.