ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහසභා රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්‍යාලයේදී අද (22) පෙරවරු 10 ට පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කළ බව වාර්තා වේ.
අද දිනයේ පැවැත්වුණු මහසභා රැස්වීමට පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතාට සහභාගීවන ලෙස පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මගින් දැනුවත් කළ ද එම ප්‍රතික්ෂේප කර තිබූ බවත් , ඒ අනුව මහසභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පැවැත්වූ බවත් සඳහන්.
පොදුජන පෙරමුණේ පක්ෂ නායකයා ලෙස හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කටයුතු කරන බවත් , පක්ෂ සභාපතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගත් බවත් , පක්ෂයේ සෙසු තනතුරුවල කිසිදු වෙනසක් සිඳුව නොමැති බවත් වාර්තා වේ.