ඊයේ (24) දින පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර තිබු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
තියුණු ආයුධ වලින් පහරදී මාර්තු මස 30 වන දින මට්ටක්කුලියෙදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක් හා මිලිග්‍රෑම් 570 ක් සොයා ගෙන ඇති බව වාර්තාවේ..
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32, 22, 23 යන වයස් වල පුද්ගලයන් බව පොලිසිය සදන්කර ඇත.
අධිකරණ රැදවුම් නියෝග මත වැඩි දුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































